රනිල්ට පක්ෂය තුළින් ජීවිත තර්ජන! රජයෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි!

January 22, 2020 at 9:37 am | by emanisa.lk

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට සිරිකොතින් අනතුරක් වීමේ හැකියාවක් ඇතැයි ද එහෙයින් ආරක්ෂාව ඉල්ලා සිටින්නේ නම් ආරක්ෂාව ලබා දීම ආණ්ඩුවේ වගකීමක් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අනතුර පක්ෂය තුළින් පැමිණිය ද එය සිනාසීමට කරුණක් නොව බරපතළ ලෙස සලකා බැලිය යුතු බවත් මේ වන විට ඔහුට ලබාදිය යුතු ආරක්ෂාව පිළිබඳ තක්සේරුවක් සිදුවෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටීම පිළිබඳ මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස