කො.පා.ම. රනිල්ට ආරක්ෂකයන් 200ක්! වාහන 08ක් සමග වැඩිපුර ආරක්ෂකයන් 196ක්!

January 19, 2020 at 10:12 am | by emanisa.lk

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා රජයේ ආරක්ෂක නිලධාරීන් 200ක් යොදවා ඇතැයි නව සිංහල රාවයේ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි.

මේ වන විට අගමැති, විපක්ෂ නායක හෝ කැබිනට් ඇමතිවරයකු ද නොවන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් රජයේ වාහන 08ක් ද වැඩිපුර ආරක්ෂකයන් 196ක් යොදවා ඇතැයි එහිමියන් චෝදනා කරයි.

සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබා දෙන ආරක්ෂකයන් ගණන 04ක් බවත් පිස්සු බල්ලෙකුවත් හපා නොකන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මේ තරම් ආරක්ෂාවක් ලබා දීමේ අරමුණ කුමක්දැයි එහිමියන් විමසයි.

ජනාධිපතිවරයා සරල ආරක්ෂක විධිවිධාන භාවිත කරන පසුබිමක මෙවැනි පුද්ගලයකු සඳහා මහජන මුදල් නාස්ති කරමින් මෙවැනි නාඩගමක් නටන්නේ ඇයිදැයි සද්ධාතිස්ස්ස හිමි ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස