2025 වනතුරු එජාප නායකයා මමයි! 2023 විතර අලුත් නායකයෙක් ගැන කතා කරමු! – රනිල්

January 18, 2020 at 9:13 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ 2025 වන තුරු තමන් පක්ෂ නායක බවත් 2025 මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවත් පවසා තිබේ. ඒ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

ඊයේ (17) පැවති එම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.

එමෙන්ම 2023 පමණ වන විට එජාපයට නව නායකයෙකු පිළිබඳ සාකච්ඡා කළ යුතු බව ද සඳහන් කර තිබේ. එතෙක් තමන් නායකත්වයේ කටයුතු කිරීම බහුතරයකගේ අපේක්ෂාව බව ඔහු කියා ඇත.

එවිට බහුතරයක් මන්ත්‍රීවරුන් එයට විරුද්ධ වී ඇති අතර ගම් මට්ටමින් බොහෝ දෙනා රනිල් වික්‍රමසිංහට කැමැත්තක් නොදක්වන බව රංජිත් මද්දුමබණ්ඩාර පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස