රට කන NGOවලට හෙනහුරා ලබයි! සියලු අරමුදල් විගණනයට බුද්ධි ඒකකය ප්‍රමුඛ කමිටුවක්!

March 1, 2020 at 7:41 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ලැබෙන සියලු විදේශ අරමුදල් හා ආධාර පුළුල් නියාමනයකට ලක්වන පරිදි රාජ්‍ය නොවන ලේකම් කාර්යාලය, මහ බැංකුවේ මූල්‍ය, බුද්ධි ඒකකය හා ජාතික බුද්ධි ප්‍රධානී ඒකක කමිටුවක් ගොඩනැගිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව නිර්දේශ කර ඇත.

එසේ ලැබෙන මුදල් සමාජයේ සියලු ජන කොටස්වලට පොදු ප්‍රතිලාභ ලැබෙන පරිදි සමාජයීය කටයුතු වෙනුවෙන් යෙදවීමත්, විදේශ ආධාර මුදල් විගණනයකට ලක් කළ යුතු බවටත් යෝජනා කර තිබේ.

මීට අමතරව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන එන පනතක් මගින් එක් ජනවර්ගයකට හෝ ආගමික කණ්ඩායමකට පමණක් ප්‍රතිලාභ අත්වන පදනම්, භාර අරමුදල්  හා සංවිධාන නීතිගත නොකිරීමට හැකි වන පරිදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීමටද යෝජනා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස