ආචාර්ය ජයම්පති වෙනුවට හෙද රත්නප්‍රිය පාර්ලිමේන්තුවට!

January 22, 2020 at 8:28 pm | by emanisa.lk

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සමන් රත්නප්‍රිය පත් කර ති⁣බේ.

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සමන් රත්නප්‍රියගේ නම ඒ සඳහා යෝජනා කර තිබේ.

වෘත්තියෙන් හෙද නිලධාරියකු වූ රත්නප්‍රිය කරළියට පැමිණියේ වෘත්තීය සංගම් නියෝජිතයකු ලෙසය.

සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයකු ලෙස 2015 එජාපය බලයට ගෙන ඒමට මෙන්ම එම ආණ්ඩුව පවත්වා ගෙන යාමට ද විශාල දායකත්වයක් ලබා දුන්නෙකි.

කෙසේ වුවද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙන්නට තව ඇත්තේ දින 40කට අඩු කාලයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස