රටම ඉල්ලූ එක රටක් එක නීතියක් සංකල්පය ස්ථාපිත වෙයි! කොරෝනා රෝගීන් සියලු දෙනා ආදාහනය කළ යුතුයි! – සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය මෙන්න….

April 1, 2020 at 3:46 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මිය යන සියලු ලාංකිකයන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රජය තීන්දුවක් ගෙන තිබේ.

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම පිළිබඳව ඊයේ (31) දින මුස්ලිම් දේශපාලකයන්ගේ සහ ආගමික කණ්ඩායම්වල විරෝධය එල්ල වූ අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද මාර්ගෝපදේශයන් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ කොරෝනා තහවුරු කරන ලද සහ සැක කළ පුද්ගලයන්ගේ සිරුරු මෙන්ම රෝගය පිළිබඳ ඉතිහාසයක් ඇති අයගේ දේහයන් ආදාහනය කළ යුතු බවයි.

මෘත ශරීරය කිසි විටෙකත් සේදීමට ඉඩ නොදිය යුතු අතර, මුද්‍රා තැබූ ශරීර මල්ලක හා මිනී පෙට්ටියක තැන්පත් කළ යුතුය.

මළ සිරුරු ආදාහනය කිරීම පොලීසිය, සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කළ යුතු බව එම මාර්ගෝපදේශයන්හි සඳහන්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කොරෝනා මළ සිරුරු අඩි අටක් ගැඹුරින් භූමදානය කිරීම ද යෝජනා කළ ද එය අඩි 8ක් පමණ ගැඹුරෙහි ජල මට්ටම සහිත ලංකාවට නොගැළපෙන හෙයින් මෙම තීන්දුව ගෙන ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග තහවුරු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස