චීනය කොරෝනා පරදාන්න ආසන්නයි! පසුගිය පැය 24ටම හුබෙයිවල රෝගීන් නෑ!

March 19, 2020 at 12:15 pm | by emanisa.lk

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරයෙන් සහ හුබෙයි ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුලදී කිසිදු රෝගියෙක් වාර්තා වී නැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් 34 දෙනෙක් චීනයෙන් වාර්තා වී ඇති නමුත් එම රෝගීන් 34 දෙනාම විදෙස් රටවලින් චීනයට පැමිණි අය බව එරට සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

කෙසේ වුවත් ඊයේ දිනයේදී චීනයෙන් කොරෝනා මරණ 8ක් වාර්තා වී ඇති අතර එය හුබෙයි ප්‍රාන්තයේ මධ්‍යම පළාතිනි.

මේ වන විට චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 3245 ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන මුළු රෝගීන් ගණන 80,928කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස