දෙවන කොරෝනා මරණකරුගේ අවසන් කටයුතු රාත්‍රියේම! පවුලේ කිසිවකු නොපැමිණෙයි!

March 31, 2020 at 2:46 pm | by emanisa.lk

කොරෝනා වයිරසය ආසදනය වීමෙන් ඊයේ (30) මියගිය දෙවන රෝගියාගේ අවසන් කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී මීගමුව නගර සභාවට අයත් පොදු සුසාන භූමියේ දී සිදුකළ බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ඊයේ (30) දින මීගමුව රෝහලට ඇතුළත් කර තිබු අතර මීගමුව රෝහලේ දී මිය ගියේය.

මෙම අවසන් කටයුතු නීරෝධායන රෙගුලාසිවලට අනුව සිදුකළ බවත් මියගිය පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනකුට ඒ සඳහා සහභාගි වීමට අවසර තිබුණ ද මෙම පුද්ගලයාගේ කිසිදු ඥාතියකු ඒ සඳහා ඉදිරිපත් නොවීම විශේෂ සිද්ධියක් වු බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම පුද්ගලයාගේ අවමංගල කටයුතුවලට මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප‍්‍රධානින්, කොච්චිකඩේ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් පිරිසක් හා ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍යවරයා සහභාගි වු බවද එම නිලධාරියා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස