මා හඬ නැඟුවේ කුඩා මෝල්හිම්යා වෙනුවෙන්! ඒ හඬට වටිනාකමක් දුන් ජනපතිට ස්තුතියි! – ඩඩ්ලි

May 28, 2020 at 9:24 am | by emanisa.lk

අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන තැබූ ෆේස්බුක් සටහනකි..

“පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීමේ පටු චේතානාවෙන් බැහැරව, පාරිභෝගික සේවා අධිකාරිය මඟින් පැණවූ සහල් මිල හේතුවෙන් අසරණ වූ ගොවි ජනතාව ඇතුලු කුඩා පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් දිගින් දිගටම හඬක් නැගූ මා ඇතුලු ප්‍රගතිශීලී ජනතාවගේ හඬට වටිනාමක් ලබාදුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට මාගේ භක්ත්‍යාදරය මෙයින් පිරිණමනු කැමැත්තෙමි.

අද දින මහා පරිමාණ මෝල් හිමියන් සහ ජනාධිපතිවරයාගේ පාර්ශවය ඇතුලු රජය නියෝජනය කරමින් පැමිණි බළධාරීන් අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, දෙපාර්ශවය අතර අතිකරගත් එකඟතාවය පරිදී ඉදිරියේදී සහල් මිල ගණන් මෙලෙස සංශෝධනය කිරීමට ඔවුහු කැමත්ත පළ කල බව දන්වමි.

• නාඩු සහල් – රුපියල් 96/=
• සම්බා සහල් – රුපියල් 98/=
• කීරි සම්බා සහල් – රුපියල් 125/=

රටට බත සපයන සමස්ත ගොවි ජනතාව සම්බන්ධයෙන් සහ දිවයින පුරා ඇති දෙහසකට ආසන්න කුඩා මෝල් සම්බන්ධයෙන් සංවේදී වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කෘෂිකාර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සහ තිරය පසුපස හිඳිමින් මෙම ක්‍රියාන්විතයේ මිනිස් දම්වැල ශක්තිමත් කරන්නට පාදම සැකසූ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මෙහි ගෞරවය පිරිණමමි.

එමන්ම මෙම ජයග්‍රහණයේ සැබෑම හිමිකරුවන් වන රටට බත සපයන ගොව් ජනතාව වෙනුවෙන්ද අවසාන වශයෙන් මාගේ ශීර්ෂ ප්‍රණාමය මෙයින් පුදකර සිටිමි. තවද මෙම ගැටලුව පැණගැගි පළමු දිනයේ සිටම මා වටා හිඳිමින්, රටේ ගොවි ජනතාව වෙනුවෙන් සහ දේශීයත්වය වෙනුවෙන් හඬක් නැඟූ ගෞරවනීය සංඝරත්නය ඇතුලු සමස්ත ලක්වාසී ඔබ සැමටද කෘතවේදීත්වය මෙයින් පළකරනු කැමැත්තෙමි.”

ඔබ සැමට තෙරුවන් සරණයි.

ඩඩ්ලි සිරිසේන 🇱🇰

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස