මගේ සහෝදරයා ඇතුළු හාල්මෝල්කාරයෝ උපයන්නේ සාධාරණ ලාභයක් නෙමේ! ඩඩ්ලි මට රුපියලක්වත් ඉල්ල ගන්න පුළුවන් මිනිහෙකුත් නෙමේ!

February 12, 2019 at 11:18 am | by admin

ඩඩ්ලි සිරිසේන වන තම සහෝදරයා ඇතුලු වී මෝල් හිමියන් උපයා ගන්නේ සාධාරණ ලාභයක් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ පැවති සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ගේ හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“සමහර අයගේ මතයක් තියෙනවා මගේ සහෝදරයා මේ රටේ ලොකුම වී මෝලක් තිබෙන කෙනෙක් නිසා මම බලන්න එයා ගැනයි කියලා. මට මතකයි මගේ සහෝදරයාගේ දැන් ඔය ලොකු වී මෝල තියෙන තැන පොඩි වී මෝලක් තිබුණේ, ගම්පහ පැත්තේ ව්‍යාපාරික මහත්තයෙකුගේ අවුරුදු 25 කට එහා. මගේ සහෝදරයා ඒ වී මෝල මිලදී ගත්තා. ඔහු මට කිව්වා අයිය ඇවිත් බලන්න මම වී මෝල ගත්තා කියලා. එදා මම ඒක බලන්න ගියා. හැබැයි එදායින් පස්සේ මම ඔය විමනේ ගේට්ටුවෙන් ඇතුලට ගිහින් නැහැ. විශේෂයෙන් ඡන්ද කාලයේදී දේශපාලන ප්‍රතිවාදීන් කියන කතාවක් තමයි මෛත්‍රිපාලගේ සල්ලි තමයි ඩඩ්ලි ගාව තියෙන්නේ කියලා. වී මෝල්, ෆයිස්ටාර් හොටෙල් මේ ඔක්කොම එයාගේ සල්ලි තමයි සහෝදරයා ගාව තියෙන්නේ කියලා කියනවා. තමුන්නාන්සේලා මගේ සහෝදරයාගේ හැටි දන්නේ නැහැ. මට එක රුපියලක්වත් ඒ මිනිහගෙන් ඉල්ල ගන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි, ඒක තමයි ඇත්ත තත්වය.”

“වී මෝල් හිමියන් ලෙස තමුන්නාන්සේලාගේ යම් සැකයක් තියෙන්න පුළුවන් තමුන්නාන්සේලාට උදව් කරන්නෙ නැහැ මම ඉන්නේ සහෝදරයගෙ පැත්තෙ කියලා. නමුත් මම පැහැදිලිව කියනවා මම ඉන්නේ ගොවියාගේ පැත්තෙ. මේ රටේ මගේ සහෝදරයාත් එක්ක වී මෝල් ක්ෂේත්‍රයේ ඉන්න අය ගොවියාගේ වී ටික මිලට ගන්න විටත් ඒවා සහල් බවට පත්කර වෙළඳපොළට දාන විටත් සාධාරණ ලාභයක් නොවෙයි ගන්නේ, ඒක මම දන්නවා.” යනුවෙන් සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *