රු. 10000ක් ගෙවා ගන්න බැරිව හිරේ ගිය සියලු දෙනා මුදාගන්නවා! – ඩඩ්ලි

February 22, 2019 at 4:34 pm | by admin

රුපියල් දස දහසට වඩා අඩු ඇප හා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව දිවයින පුරා බන්ධනාගාරවල සිටින සියලු රැඳවියන් නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ලබා දීමට තමන් කටයුතු කරන බව ප‍්‍රකට ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා ඊයේ (21වැනිදා) ප‍්‍රකාශ කළේය.

එහි පළමු අදියර යටතේ රුපියල් 5000 කට අඩු දඩ හා ඇප මුදල් ගෙවීමටද, දෙවැනි අදියර යටතේ රුපියල් 7500 ට අඩු දඩ හා ඇප මුදල් ගෙවීමටද, තෙවැනි අදියර යටතේ රුපියල් 10000 ට අඩු ඇප හා දඩ මුදල් ගෙවීමටද කටයුතු කරන බවත් සිරිසේන මහතා පැවසීය.

බන්ධනාගාර රැඳවියෙකු නඩත්තු කිරීම සඳහා දිනකට රුපියල් 750 ක් පමණ වැය වන බවත් එවැනි රැඳවියන් රුපියල් 5000 ක් ගෙවා ගැනීමට නොහැකිව වසරක් පුරා සිර කර තබා ගැනීම දෙපැත්තෙන්ම බලන කල අපරාධයක් බවත් සිරිසේන මහතා පැවසීය.

අරලිය සමූහ ව්‍යාපාරයට අයත් කඩවත ශාඛාවේදී ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සිරිසේන මහතා එසේ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *