නාඩු කිලෝවකින් රු. 4.12ක් මෝල් හිමියාට ලාභයි! ඩඩ්ලි ඉල්ලන්නේ කොරෝනා කාලෙත් බිලියන ගණන් ලාභ! – (video)

May 25, 2020 at 10:56 pm | by emanisa.lk

රජය නාඩු සහල් කිලෝවක් සඳහා නියම කළ රු. 90ක මිල යටතේ සහල් කිලෝවකින් රු. 4.12ක ලාභයක් මෝල් හිමියාට ලැබෙන බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ පවසති.

එසේම මෝල් හිමියන් සම්බ සහල් කිලෝවකින් රු. 5.32ක් ද කීරි සම්බා කිලෝවකින් රු. 26.19ක් ද ලාභ ලබන බව ඔවුහු පෙන්වා දෙති.

මේ අතර රජයේ පාලන මිලට සහල් සැපයීම නිසා බිලියන ගණන් පාඩු වන බවට ඩඩ්ලි සිරිසේන පවසන කතා අසත්‍ය බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සංගමයේ සභාපති මුදිත පෙරේරා පවසයි.

රු. 90කට නාඩු සහල් කිලෝවක් අලෙවි කිරීමට රු. 89ක තොග මිලට විකිණීමේ හැකියාව තමන් සතුව ඇති බවත් අද දිනයේ සහල් කිලෝ ග්‍රැරෑම් 25000ක් සමූපකාර අතර බෙදා හැරි බවත් හෙතෙම පවසයි.

එසේම ඩඩ්ලි සිරිසේන උත්සාහ කරන්නේ කොරෝනා වසංගත සමයේ ද රු.95ට ජනතාවට සහල් විකුණා බිලියන ගණනින් ලාභ ලැබීමට බවත් මෙතෙක් කල් කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ ලැබූ ආයතනවලට මේ අවස්ථාවේ තමන් ලබා දෙන මිලට සහල් ලබාදිය නොහැකි මන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

https://www.youtube.com/watch?v=P251_YAd0JI

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස