පොළොන්නරුවේ අවසන් කොරෝනා රෝගියා දක්වා බරපැන ඩඩ්ලිගෙන්!

March 27, 2020 at 8:19 am | by emanisa.lk

වැලිකන්දේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබන සියලුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් තමා අද සිට දැරීමේ වගකිම භාර ගන්නා බව අරලිය සමුහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි.

කොරෝනා වෛරසය බවට තහවුරු වී පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය රුපියල් ලක්‍ෂ 55ක උපකරණ එම මහ රෝහල වෙත ඊයේ (26) භාර දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පොළොන්නරුව වැලිකන්ද ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ ප‍්‍රතිකාර ගෙන සුවය ලබා නිවෙස්කරා යන අවසන් රෝගියා දක්වාම යන සියලු වියදම් තමන් දරනා බවත් එහිදී ඩඩ්ලි සිරිසේන අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස