සහල් තොග හංගලා කළු කඩේ විකුණලා ඉවරයි! පෞද්ගලික හාල් මෝල් වැටලීමේ සූදානමක්!

December 23, 2019 at 11:42 am | by emanisa.lk

මෙරට සහල් නිෂ්පාදනයෙන් 80%ක් පමණ සිදුකරන සහල් මෝල් හිමියන්ගේ තොග ගබඩා පොලිසිය සමග එක්ව පරික්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය සූදානම් වෙයි.

මෙම ගබඩාවල ඇති සැබෑ සහල් සහ වී තොග ගණනය කිරීම සහ සහල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

ඒ අනුව අරලිය, නිව් රත්න, හිරු, නිපුන සහ මේනක සහල් මෝල් සහ ඔවුන්ගේ ගබඩා ඉදිරියේදී වටලනු ඇත.

අරලිය සහල් මෝල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේනට අයත්ය. නිව් රත්න සහල් ඩඩ්ලි සිරිසේනගේ මිතුරකු වන එල්.ජේ. මිත්‍රපාල සතුය.

හිරු සහල් මෝල පාර්ලිමේන්තු මන්ත්‍රි සිරිපාල ගම්ලත්ට අයත් අතර මේනක සහල් ඔහුගේ සොහොයුරාට ද හිරු සහල් ඔහුගේ මස්සිනාට ද අයත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස