ජනපති සොහොයුරු ඩඩ්ලිගෙන් රොෂාන්ට මරණ තර්ජන! CIDය පැමිණිල්ල භාර නොගනී!

July 10, 2019 at 12:25 pm | by emanisa.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන තමන්ට මරණ තර්ජන කරන බව පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

මේ පිළිබඳ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කිරීමට උත්සාහ කළ ද ඒ සඳහා ඉඩ ලබා නොදුන් බව මන්ත්‍රීවරයා පවසයි. පොලිසිය භාර ඇමතිවරයා ජනාධිපති බවත් ඔහුගේ සොහොයුරන් නීතිය අතට ගෙන කටයුතු කරන බවත් හෙතෙම පවසයි.

කිසිම ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙකු මෙලෙස හැසිරී නොමැති බවත් ඔවුන් අද බලයෙන් වියරුවැටී සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දෙරණ වාදපිටිය වැඩසටහන එක් වෙමින් ඊයේ (09) රොෂාන් රණසිංහ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස