හිටපු ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන එජාපයට!

February 9, 2020 at 7:55 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීමේ සැලසුමක් පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබේ.

මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ හිටපු අමාත්‍ය රවී කරුණානායක විසිනි. එජාපය තුළ මෙම යෝජනාව පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

ඩඩ්ලි සිරිසේන ලංකාවේ ප්‍රමුඛ පෙ⁣ළේ සහල් නිෂ්පාදකයකු මෙන්ම හොටෙල් ඇතුළු ව්‍යාපාර ගණනාවක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි.

කෙසේ වෙතත් ඩඩ්ලි සිරිසේන සමඟ තවමත් මේ පිළිබඳ සාකච්ඡා කොට නොමැති අතර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේද සමීපතමයෙකු ලෙස සැලකෙයි.

හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන සජිත් ප්‍රේමදාස සමග සමීපව කටයුතු කරන අයකු ලෙස ප්‍රකටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස