පොළොන්නරුවේ සැඟවූ වී තොග සොයා පාරිභෝගිකෙන් පනී! රටටම කන්න දෙන බව කී බෝසත් ඩඩ්ලි මාරාවේශ වෙයි! ඒකාධිපති මොල්හිමියෝ එකපෙළට ආණ්ඩුව ඉදිරියේ දණ ගසති! (video)

May 23, 2020 at 10:47 pm | by emanisa.lk

පවතින සහල් හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් විසින් අද(23) මහා පරිමාණ, සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාවට ලක් කර ති‍බේ.

ඒ මහා පාරිමාණ සහල් මෝල් හිමියන් රට තුළ කෘත්‍රීම සහල් හිඟයක් නිර්මාණය කර ඇති බවට පසුගිය දින කිහිපය පුරාම මාධ්‍ය රට හමුවේ අනාවරණය කළේය.

රුපියල් 90 ක පාලන මිලක් නියම කිරීමත් සමඟ ගත වු දින කිහිපයේදිම වෙළඳපොළේ නාඩු හා සම්බා සහල් වර්ගවල අඩුවක් දක්නට ලැබුණි.

එහිදී මහා පරිමාණ වී මෝල් වන අරලිය, නිපුන, ලත් සහ රත්න සහල් මොල් පරීක්ෂාවට ලක් කෙරුණි

අරලිය සහල් ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් අතර මතභේදාත්මක තත්ත්වයක් ද ඇති විය.

එහිදී ඩඩ්ලි සිරිසේන ඇමති රොෂාන් රණසිංහට දැඩි ලෙස චෝදනා කළේ ඔහු සහල් මිල අඩු කිරීම නිසා තමන්ට පාඩු විඳින්නට සිදුව ඇති බව සඳහන් කරමිනි.

මේ අතර රජය සතු වී තොග සහල් බවට පත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස