රජය කියන මිලකට සහල් දෙන්න සූදානම්! වචන දෙකේ මිනිහෙක් නෙමේ මම! – ඩඩ්ලි සිරිසේන (video)

May 25, 2020 at 12:06 am | by emanisa.lk

මේ වන විට රටේ 2021 වසරේ අප්‍රේල් මාසය පහුවන තෙක් පරිභෝජනයට උවමනා සහල් සහ වී තොග ඇතැයි රට හමුවේ ප්‍රකාශ කළේ ඩඩ්ලි සිරිසේන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි.

එසේම මේ අවස්ථාව ලාභ පාඩු බැලීමට වේලාවක් නොවන බවත් රජය කියන ඕනෑම මිලකට සහල් ලබා දෙන්න තමන් සූදානම් බවත් පසුගිය අප්‍රේල් 15 වෙනිදා ඩඩ්ලි සිරිසේන රට හමුවේ ප්‍රකාශ කළ ද බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට වී තොග ඇත්තේ මහ පරිමාණ මෝල් හිමියන් සතුව බවත් එම වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට රජයට සහයෝගය ලබා දීමට තමන් සූදානම් බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස