නායකයෝ මාස තුනෙන් ජනතා ගැටලු නොවිසඳුවොත් මම බලවේගයක් හදනවා! ජනපති සොයුරු ඩඩ්ලිත් ජනපති සටනට?

February 3, 2019 at 2:40 am | by admin

රටේ ආර්ථිකය නරක තැනකට පත්ව ඇති බවත් ගමේ ජනතාව ණය උගුල්වල සිර වී සිය ගේ දොර විකුණන තැනට ඇද වැටී ඇති බවත් ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන පවසයි.

උත්සව සභාවක් අමතමින් හෙතෙම වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“අපේ රටේ ආර්ථිකය නරක තැනකට පත්වෙලා. මෙහි ප්‍රතිඵලයක් විදිහට දෙමාපියන් අමාරුවෙන් කුඹුරක් කුළියක් කරලා කීයක් හර හොයා ගෙන ආවම ඒ සල්ලි ටික කොල්ලකන්න මයික්‍රො ක්‍රෙඩිට් කියලා අමුතු ක්‍රමයක් එනවා. අදින් පස්සේ මයික්‍රො ක්‍රෙඩිට්කාරයෝ ගමට ආවොත් ගහලා එලවන්න. මට මේ දවස්වල කෝල් සීයක් ආවොත් එයින් අසූවක් එන්නේ ගේ විකුණන්න තියෙනවා ගන්නවා ද කියලා. මම අතිගරු ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත්, විපක්ෂ නායකතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා එකතුවෙලා මේ රටේ දෙමාපියන් මුහුණපාලා තියෙන ගැටලුව පිළිබඳ යහපත් යෝජනාවක් අප්‍රේල් මාසයට පෙර ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම නොවුණොත් මම මෙයට විරුද්ධව මේ රටේ ප්‍රශ්නවලට පිළිතුර ලබා දෙන්න මේ රට ගොඩනඟන්න පුළුවන් බලවේගයක් නිර්මාණය කරනවා. මිනිස්සු හිනාවෙන්න පුළුවන් ඩඩ්ලි කොහොමද එහෙම කරන්නේ කියලා. මිනිස්සු බැහැ කියපු දේවල් තමා මම කරලා තියෙන්නේ”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස