සහල් වෙළෙඳපොළෙන් 15%ක් මගේ! මම පිටරටවල ආයෝජන කරලත්ජ නෑ! නපති සොයුරු ඩඩ්ලි හාල් මාෆියාව ගැන හෙළිදරව්වක්!

February 4, 2019 at 6:28 am | by admin

තමන්ට මුහුණු පොතේ එල්ල වන හාල් මාෆියා චෝදනාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන සිය මුහුණු පොතේ තැබූ සටහනකි.

ගොඩක් අය මුහුණුපොත ඇතුලෙ මගේ හාල් මාෆියාවක් ගැන කතා කරනවා. එක්කො මගේ හාල් ඒකාධිකාරයක් ගැන කතා කරනවා. ඒ අය මට අපහස කරන්නෙ, ගරහන්නෙ කවුරිහරි කියන දෙයක් අල්ලගෙන මිසක් මේකෙ ඇතුලෙ තියන කඳුලු කතාව සහ කැපකිරීම් ගැන නොදැනයි.. අනික් කාරණය තමයි, මගෙ සහෝදරයා මේ රටේ ජනාධිපති වීම හරි නිසා ගොඩක් අය මගේ ව්‍යාපාරත් දේශපාලනීකරණය කරන්න හදනවා.

ඒක හුදෙක්ම පුද්ගලික කෝන්තරයක්, දේශපාලනමය වශයෙන් පිරිමසා ගැනීමක්.. මගේ අරලිය සහල්, ලංකාවෙ සමස්ථ වෙළඳපොලෙන් නියෝජනය කරන්නෙ 15% ක කොටසක් පමණයි. එහෙව් මටද මේ ඒකාධිකාරයක් තියනව කියන්නෙ ?

අඩුම ගණනෙ මට බණින මිනිස්සු දන්නවද වී කිලෝ 60ක් මම ගත්තොත්, ඒකෙ බොල්, රොඩු, ගල් , වැලි ඉවත් කළාම මට හාල් වශයෙන් අරගන්න පුලුවන් 40KG ක ප්‍රමාණයක් පමණයි කියලා ? ඒ අය දන්නවද දකුණු ආසියාවෙ තියන ඉහළම වගේම මිළ අධිකම තාක්ෂණය යොදා ගෙන වැඩි පිරිවැයකින් සහ උපරිම ප්‍රමිතියෙන් තියෙන්නෙ මගේ සහල් පමණයි කියලවත් ?

මම කාටවත් බලෙන් හාල් කවන්නෙ නෑ.. මිනිස්සු බැණ බැණ මගේ ඒව ගන්නෙ, දැනට වෙළඳපොළේ පවතින හොඳම හාල් “අරලිය” නිසා. ඒ නිසා මම යටතේ ඉන්න සේවකයො දසදහසට සමච්චල් කරන්න එපා. ඒ මිනිස්සු තමයි මාත් එක්ක මේ ගමන එදා ඉඳන් ආවෙ. අද මම යම් තැනක ඉන්නවද, ඒ ඔක්කොම ඒ පොඩි මිනිහ නිසා. ඒකයි මම ඒ අයගෙ ශ්‍රමය සූරගෙන නොකා, එයාලගෙ සුභසාධනය වෙනුවෙනුත් ලොකු මුදලක් මගේ ආයතන වලින් වෙන් කරල තියෙන්නෙ. අනික මම වෙන ව්‍යාපාරිකයො වගේ දේශීය ශ්‍රමයෙන් හම්බ කරන මුදල් පිටරටවල ආයෝජනය කරල නෑ. මගේ සල්ලි මම ව්‍යාපාර වශයෙන් ආයෝජන කරන්නෙ ලංකාවෙ විතරයි. මොකද මම දේශියත්වයට ගරු කරන මිනිහෙක් නිසා.

ඒ නිසා මම ගැන නොදන්න අය මට චරිත සහතික ලියන්න එපා. මම හොඳට ගමේ පාසලට, ගමේ පන්සලට , ගමේ මිනිහට උදව් කළ කෙනෙක්. එයින් නොනැවතී මේ ගමන මම මුලු රට පුරාම ගෙනියන්නයි ඉන්නෙ. ඒ මගේ සල්ලි වලින් මිසක, කවුරුත් පස්සෙන් ගිහින් හොයාගත්ත මුදලින් නෙමෙයි. ඒ නිසා නැවතත් මම කරුණාවෙන් කියන්නම්.., මේ ඩඩ්ලි සිරිසේනගෙ ව්‍යාපාරයි, සහෝදරයගෙ දේශපාලනයයි පටලව ගන්න එපා.

හැමෝටම,
තෙරුවන් සරණයි.
ඩඩ්ලි සිරිසේන.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *