ලෝකයේ අවුරුදු 80-90 වයස පාලකයෝ ඉන්නවා! කතානායක කරූත් එහෙම පාලකයෙක් වෙන්න සුදුස්සෙක්! – අස්ගිරි අනුනාහිමි

August 7, 2019 at 11:01 pm | by emanisa.lk

ලෝකයේ නොයෙක් රටවල වයස අවුරුදු 70, 80, 90 වන පාලකයන් සිටින බවත් කතානායක කරූ ජයසූරිය එවැනි ගමනක් යාමට සුදුසු පාලකයකු ලෙස තමන් දකින බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමි පවසයි.

කතානායක කරූ ජයසූරිය චරිතය තුළ සංස්කෘතියත් දහමත් දැකිය හැකි බව ද එහිමියන් පැවසීය.

කරූ ජයසූරිය ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක වැනි විශිෂ්ට නායකයන් ගිය ගමන් මාර්ගයේ ගමන් කරන නායකයකු බව ද අනුනායක හිමි ප්‍රකාශ කළේය.

කතානායක කරූ ජයසූරියට තෛනිකායික මහා සංඝ රත්නය ගෞරව නාම ප්‍රදානය කිරීමට උපහාර පිදීම සඳහා පුරවැසි සංවිධාන එකමුතුව සංවිධානය කළ උත්සවයකදී මෙම අදහස් ප්‍රකාශ විය. එහි කැඳවුම්කරු චමීර පෙරේරාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස