මම ගෝඨාභයට සහාය නොදෙන බවට පළවන වාර්තා බොරු! එම බොරුවල ඇත්තේ සජිත්ලාගේ නියත පරාජයේ වේදනාවයි! – අතුරලියේ රතන හිමි

November 13, 2019 at 6:02 pm | by emanisa.lk

පූජ්‍ය තුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමෙන් ඉවත් වූ බවට පළ වන පුවත් හා ලිපිය ව්‍යාජ ඒවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

එම ලිපියේ අන්තර්ගත කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, එම ලිපි ශීර්ෂය දැනට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් ඉවත් කළ එකක් බවත් රතන හිමියෝ සඳහන් කරති.

මේ වන විට රටට සංස්කෘතියට හිතැති තිරසාර සංවර්ධනයක් අපේක්ෂ කරන ජාති මාමක පිරිස ගෝඨාභය වටා ද දේශීය සංස්කෘතියට එරෙහි ජාත්‍යන්තර අතකොළු ටික සජිත් වටා ද ගොනු වී ඇතැයි එහි සඳහන් වෙයි.

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කඳවුර ඉදිරියේ ඇති නියත පරාජයේ වේදනාව මෙම ලිිපිය මගින් විද්‍යමාන වන බවත් ඉදිරි දින කිහිපය තුළ මෙවැනි අසත්‍ය තොරතුරු මුදා හරිමින් ජනතාව මුළා කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන්ට නොරැවටෙන ලෙස ද එහිමියන් ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස