පුරන් කුඹුරු අස්වද්දන ගොවි හමුදාවක්! රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඇමති විදුර සූදානම්!

January 3, 2020 at 3:40 pm | by emanisa.lk

පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ යටතේ තරුණ කණ්ඩායම් සමග එක්ව ගොවි හමුදාවක් නිර්මාණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

පළමු අදියරේදී කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු අස්වැද්දීමට සැලසුම් කර තිබේ.

පුරන් කුඹුරු අස්වැද්දීමට ඉදිරිපත් වන පුද්ගලයින්ට පොහොර බීජ වී ඇතුළු පහසුකම් ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.

මේ වන විටත් ස්වේච්ඡාවෙන් පුරන් කුඹුරු අස්වැද්දීමේ නිරත වන තරුණ කණ්ඩායම් සහ කෘෂිකර්ම නිලධාරීන් අතර හමුවක් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අතර කුඹුරුවලට ජලය සපයා ගැනීමේ ගැටලු නිරාකරණය සඳහා අමාත්‍යංශය සතු යන්ත්‍ර උපකරණ ලබා දීමට ද එකඟ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස