බදු ගහනවා කියලා ආණ්ඩුවට බනින්න එපා! පරාක්‍රමබාහු රජ්ජුරුවොත් වැට් ගැහුවා!

April 7, 2019 at 8:29 pm | by admin

අතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට වැට් බදු පනවා ඇති බවත් වර්තමානයේ බදු පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර එය සිහිපත් කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

අද (07දා) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවැසීය.

“පැරණි රජරට සම්පූර්ණයෙන් වීවලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා. ඒවායින් විශාල ලාභ ලැබුවා. සමහර රජවරු දෙපාර තුන්පාර බදු ගත්තා. ජනාධිපතිතුමා මොරගහකන්ද ජලාශය ඔස්සේ විශාලතම ජලාශය ආරම්භ කළා. අපි වාරිමාර්ග වෙනුවෙන් විශාල මුදලක් යොදවලා තියෙනවා. මේ අවුරුද්දේ මෙට්‍රික් ටොන් ලක්ෂ තිහක් අස්වනු ලැබුවා. එය ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න.

ඒ හරහා විශාල ලෙස ආදායම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ වගේම ඒ කාලයේ ජනතාවගෙන් බදු එකතු කිරීමත් සිදු කළා. ඒ හරහාත් විශාල ලෙස ලාභ ලැබුවා.ආණ්ඩුවට දොස් කියන්න කලින් පරාක්‍රමබාහු රජ්ජුරුවොත් වැට් දැම්මා කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස