සහල් මිල පාලනයට ආණ්ඩුවෙන් ක්ෂණික පියවරක්! සහල් තොග රජයට ගෙන සහන මිලට විකුණයි!

December 26, 2019 at 10:16 am | by emanisa.lk

සියලුම ප‍්‍රධාන වී මෝල් සතුව ඇති සහල් තොග රජය විසින් මිලදී ගෙන උත්සව සමයේදී සහනදායී මිලකට ජනතාවට අලෙවි කිරීමට තීරණය කර ඇත.

එසේම ඉදිරි මහ කන්නයේ සිට වී අස්වනු මිලදී ගැනීමේදී විද්‍යාත්මක ක‍්‍රමවේදයක් සකසන ලෙසට ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (24) සවස රැස්වූ ජීවන වියදම් කැබිනට් අනුකමිටුව මගින් මෙම තීරණය ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස