අපි විකුණපු හම්බන්තොට වරාය පුළුවන් නම් ගන්න! – අකිලගෙන් ආණ්ඩුවට අභියෝගයක්…(video)

December 24, 2019 at 4:43 pm | by emanisa.lk

මැතිවරණයට පෙර සඳහන් කළ ආකාරයට හම්බන්තොට වරාය අරගෙන පෙන්වන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් ආණ්ඩුවට අභියෝග කළේය.

මේ වන විට කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම සඳහා ආණ්ඩුව සැලසුම් සකස් කරන බවත් හැකි නම් එය නතර කරන ලෙස ද හෙතෙම අභියෝග කළේය.

තම ආණ්ඩු කාලයේ ගබඩා කළ වී මෙට්‍රික් ටොන් 10 000ක් ඇති බවත් වී මෝල් හිමියන්ගේ මාෆියාව නිමා කර එම සහල් වෙළෙඳපොළට නිකුත් කළේ නම් සහල් මිල පහළ යනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

දෙරණ 360 වැඩසටහනට ඊයේ (23) රාත්‍රී එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස