ජනතාවට ජරාව කැවූ නිව් රත්න සහල් මෝල වටලයි!

November 28, 2019 at 7:15 am | by emanisa.lk

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප‍්‍රදේශයේ මහපරිමාණ  සහල් මෝලක් තුළ  පණුවන් සහ ගුල්ලන් සහිත කල් ඉකුත් වු සහල් තොග අලූත් සහල්වලට මිශ‍්‍ර කර ඇසුරුම් කර තිබියදි ඊයේ (26)  වෙනිදා රාත‍්‍රියේ සිදු කළ වැටලිමකදි අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ආයතන ප‍්‍රධානි එච්.ජී.සී චන්ද්‍රකුමාර පවසයි.

පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින මෙම සහල් තොග දිවයිනේ විවිධ පළාත්වලට බෙදා හැරිමට සුදානම් කර තිබු ඒවා බවට සැක කරන බව චන්ද්‍රකුමාර වැඩිදුරටත් සඳහන් කළේය.

පරිභෝජනයට නුසුදුසු විශාල සහල් තොගයක් බෙදා හැරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙතෙක් එම ප්‍රමාණය ගණනය කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස