සතොසට කෝටි දාහක් අහිමි කළ බදියුදීන්ගේ සහල් මාෆියාවක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි!

August 22, 2019 at 9:12 pm | by emanisa.lk

ලංකා සතොස 2015-2018 කාල සීමාව තුළ රුපියල් කෝටි 1063.7ක පාඩුවක් ලබා ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව (‍‍කෝප් කමිටුව) හමුවේ ඊයේ (21) හෙළිදරව් විය.

ලංකා සතොස 2015දී කෝටි 194.5ක්, 2016දී කෝටි 513ක්, 2017දී කෝටි 270ක් සහ 2018දී කෝටි 86.2ක් පාඩු ලබා ඇතැයි සතොස නිලධාරීහු එහිදී සඳහන් කළහ.

සහල් මෙට්‍රික් ටොන් 80,000ක් 2015 ආනයනය කර වසරක් ගතවන තුරු ගබඩා කර තබා අනතුරුව 2016 ඒවා මිනිස් ආහාරයට නුසුදුසු යැයි කැබිනට් මණ්ඩලය නොමග යවා සත්ත්ව ආහාර ලෙස තෝරාගත් සමාගම් තුනකට අලෙවි කර තිබේ.

මෙහිදී වරායේ ගුදම් ගාස්තු ලෙස අතිවිශාල මුදලක් වැය කර ඇති අතර එම සහල් අඩු මිලට විකිණීම නිසා සතොසට රුපියල් කෝටි 1500ක පාඩුවක් සිදුවූ බවද මෙහිදී අනාවරණය විය.

මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දුන්නේ එම සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි කැබිනට් මණ්ඩලය නොමග යැව්වා ද ඒවා මිනිස් පරිභෝජනයට සුදුසු බවට ආහාර කොමසාරිස්වරයා සහතික කරතිබූ බවය.

එහෙයින් මෙම වංචාව වර්තමාන ආණ්ඩුව යටතේ සිදු වුවද ඒ සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා සතොස බවය. සතොස ක්‍රියාත්මක වන්නේ ඇමති රිෂාඩ් බදියුදීන් යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස