රට සහල් හිඟය පිටුපස සහල් ජාවාරම්කාරයෝ දෙන්නෙක් ඉන්නවා! – ජවිපෙ

December 25, 2019 at 9:25 am | by emanisa.lk

සහල් හිඟයක් රට තුළ නොමැති බවත්, සහල් හිඟය පිටුපස ප‍්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනකු සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මේ වන විට උතුරු මැද පළාතේ තෙල් ටැංකිවලටත් වඩා විශාල සහල් ගබඩා පවතින බවත්, රටේ සහල් මාෆියාව නිර්මාණය කර තිබෙන ඉහළම තැන් දෙක කවුරුන් ද යන්න සොයා බැලීම ජනාධිපතිවරයාගේ වගකීම බවත් ඔහු සඳහන් කරයි.

නඩු දානවා නම් මේ මාෆියාව පිටුපස විශාල පිරිසක් නොමැති බවත්, ඉන්න ප‍්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනා කවුරුන්ද යන්න කඩේකට ගිහින් දැනගත හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සිල්ලර වෙළෙඳුන්ට දඩ නියම කිරීමෙන් සහල් මාෆියාව නතර කළ නොහැකි බවත්, සිදුව තිබෙන අලාභය අයකර ගත හැක්කේ ප‍්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස