සහල් කිලෝවකට වී කිලෝ දෙකක මිලක්! ආණ්ඩුව සහ මෝල් හිමියෝ එකඟයි!

January 31, 2019 at 8:29 am | by admin

ලංකාවේ ප්‍රධාන පෙලේ වී මොල් හිමියන් සහ කුඩා ප්‍රමාණයේ වී මෝල් හිමියන් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මිලට ගනු ලබන වී කිලෝවක මිල මෙන් දෙගුණයක මිල එක් සහල් කිලෝවක් සඳහා අයකර ගැනීමට මෝල් හිමියන් සිය එකගතාව පළකලේය.

එහිදී මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා සිය පුද්ගලික ගබඩාවන්හි රජය විසින් පනවන ලද මිල ගණන් තම ආයතන ඉදිරිපිට ප්‍රදර්ශණයට ද සමාගම් සිය කැමැත්ත පල කලේය ඒ අනුව සම්බා කිලෝවක් රු 41 ටද නාඩු කිලෝවක් රු 38 ද මිලට ගැනීමට සමාගම් එකග විය.

ව්‍යාපාරිකයා මෙන්ම පාරිභොගිකයා සුරැකීම උදෙසා සහල් මිල අප්‍රේල් මස මෙලෙස සංශෝධනය වන බවට සමාගම් එකග විය.

කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට නිපුන සහ අරලිය සමාගම් ඇතුලු සහල් නිපැයුම් සමාගම් කිහිපයක හිමිකරුවන් සාකච්ඡාවට එක්විය.

නියමිත ප්‍රමිතියට ගොවීන් විසින් වී ගබඩා වෙත ලබා දෙනු ඇතැයි සමාගම් අපේක්ෂා කරන අතර ඇතැම් ගොවීන් තෙත බරට කමතේදීම වී විකිණීම තම නිෂ්පාදන කටයුතු සඳහාද බාධාවක් බවත් ගොවීන්ද තෙත සහිත වී අලෙවිකිරීම හේතුවෙන් වී වියලීම සදහා යන්ත්‍ර වෙනුවෙන් අමතර මුදලක් දැරිය යුතු බව සමාගම් පෙන්වා දුන්නේය.

මෙවර මාස් කන්නය සදහා වී මිලට ගැනීම වෙනුවෙන් රජය වී මෝල් හිමියන් වෙත රුපියල් බිලියන 22ක මුදලක් ණය කර වශයෙන් රාජ්‍ය බැංකු මගින් ලබා දීමට අවශ්‍ය කටයුතු තමන් මැදිහත්ව සිදු කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සමාගම් වෙත කීය.

මෙම අවස්ථාව අමාත්‍ය හර්ෂ ද සිල්වා අමාත්‍යාංශ ලේකම් සහ වී අලෙවි මණ්ඩලයෙහි නිලධාරීන්ද එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස