සති දෙකකට ප්‍රමාණවත් සහල් රටේ තියෙනවා! තොග හැංඟුවොත් රාජසන්තක කරනවා!

December 30, 2019 at 1:01 pm | by emanisa.lk

වී තොග සඟවා ඇති ස්ථාන පිළිබඳව මහජන පැමිණිලි ලැබුණහොත් එම වී තොග රාජසන්තක කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත අනුව වී තොග සඟවා තබා ගැනීම නීති විරෝධී කටයුත්තක් බැවින් ඕනෑම අයෙකුට, වී තොග සඟවා තිබෙන ස්ථාන පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි සති දෙක සඳහා ප්‍රමාණවත් තරම් සහල් තොග රටේ තිබෙන බව කෘෂිකර්ම දත්තවලින් අනාවරණය වී ඇති බවත්,යම්කිසි පාර්ශ්වයක් සහල්වලින් ලාභ ලබා ගැනීමේ අරමුණින් රට තුළ සහල් හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවත් ඔහු හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස