පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හිටපු ඇමති බානට වැඩ වරදියි! කාදිනල්හිමි ජනපති කොමිසමට සියල්ල හෙළි කරයි!

December 9, 2019 at 6:01 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඇති වූ සිද්ධීන්වලට හා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ හිටපු රජයේ ඉහළම ඇමතිවරු පිරිසකගේ ඇති සම්බන්ධතා පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලැබී ඇතැයි වාර්තා වේ.

කොමසමේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු කොමිසමට ලැබී ඇති බවත් ඉදිරියේදී එලෙස කරුණු අනාවරණය වන අදාළ ඇමතිවරු කොමිසමට කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය සතියේදී කොමිසම හමුවේ සාක්කි ලබාදෙමින් මෙම පාස්කු ප්‍රහාරයට පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරු දෙදෙනෙකුගේ ඇති සම්බන්ධතාව කරුණු සහිතව ඉදිරිපත් කර ඇති අතර උන්වහන්සේ ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් කොමිසම හමුවේ කරුණු අනාවරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස