පාස්කු ප්‍රහාරයේ මලමිනි ඇදගෙන යන්නේ ඡන්ද පදනම වැඩිකරගන්න! – රිෂාඩ් බදියුදීන්

July 31, 2019 at 9:28 am | by emanisa.lk

සමහර ආගමික නායකයින් මේ වනවිට ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් බවට පත්ව සිටින බවත් තවත් සමහරුන් අගවිනිසුරු සහ පොලිස්පති බවට පත්ව සිටින බවත් අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් පවසයි.

කිසිම ආගමක මේ අයුරින් කටයුතු කිරීමට දේශනා කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා මොවුන් රට විනාශ කරන පිරිසක් බවටයි චෝදනා කළේය.

එසේම මේ දිනවල සංසරණය වන වීඩියෝ දර්ශනයක් තමන් වෙත ලැබී ඇති බවත් එහි එක්තරා භික්ෂුවක් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මළමිනී සහ දුක තවත් මාස හයක් ඉදිරියට ඇදගෙන යා යුතු බවත් තමන්ට ඡන්ද පදනම සකස් කරගත හැක්කේ ඒ හරහා බවත් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නැවතත් තමන් අමාත්‍ය ධුරය භාරගැනීම වැරදි ක්‍රියාවක් බව කියන්නේ ද එකී භික්ෂුවම බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය වන්නේ පොලිසිය සහ උසාවිය බව පැවසූ අමාත්‍යවරයා ඊට ඉහළින් කිසිවකුත් නොමැති බවත් නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවත් අවධාරණය කළේය.

රිෂාඩ් බදූර්දීන් මේ බව පැවසුවේ ඊයේ (30) යළි සිය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස