පක්ෂ නායක රනිල් ව්‍යවස්ථා කඩලා! ඔහුට එරෙහිව ගන්නා විනය පියවර වහාම දන්වන්න! විනය පරීක්ෂණ අවිය රනිල්ට පාරාවළල්ලක් වෙයි…

August 30, 2019 at 5:30 pm | by emanisa.lk

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතියකින් තොරව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ සාකච්ඡාවකට සහභාගි වූ පිරිසට පක්ෂය විනය ක්‍රියා මාර්ගයක් ගන්නේදැයි ඇමැති සුජීව සේනසිංහ එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම්ගෙන් විමසා ඇත.

සුජීව සේනසිංහ ඇමැතිවරයා මහලේකම්වරයාට ඊයේ (29 වැනිදා) යොමු කළ ලිපියක් මගින් මේ බව විමසා ඇත.

දශක දෙකකට පසුව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජය ගැනීමේ පැහැදිලි මාර්ගයක් විවෘත වී ඇති බව එම ලිපියේ දැක්වෙයි.

එවැනි මොහොතක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේ නම් එය පක්ෂයට සහ පාක්ෂිකයාට සිදු කරන බරපතළ ද්‍රෝහිකමක් බව ඇමැති සුජීව සේනසිංහ කියයි.

මේ පිළිබඳව කඩිනම් පිළිතුරක් සතියක් ඇතුළත ලබා දෙන ලෙස ඇමැතිවරයා මහලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස