රනිල් කල්යල් බලා දඩයම අරඹයි! සජිත් පිළම මර උගුලක! ඇමති සූජීවට සහ අජිත් පී.ට පසු හරීන්, තලතා, රංජිත්ට විනය පරීක්ෂණ! සජිත්ටත් කෝටි 120ක දූෂණ චෝදනාවක්!

August 28, 2019 at 12:05 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදෙන රාජ්‍ය ඇමැතිවරුන් වන අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහට එරෙහිව මෙන්ම තවත් ඇමැතිවරුන් කිහිප දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමු වී ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (27 වැනිදා) පෙරවරු 11.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස ඔවුන් දෙදෙනාට පෙරේදා (26 වැනිදා) දැනුම් දී තිබුණි. නමුත් රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා එම අවස්ථාව මගහැර ඇත.

එම අවස්ථාවේ පක්ෂයේ මහ ලේකම් සහ නීති ලේකම්වරයා පමණක් පක්ෂ මූලස්ථානයේ රැඳී සිට ඇත. රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාට ලබාදුන් අවස්ථාව මගහැරීම විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තීරණය කිරීමට තවත් හේතුවක් වී ඇත.

පක්ෂයේ විනය ක්‍රියාමාර්ගවලට බිය නොවන බව සඳහන් කළ ඇමැති හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයේ අවධානය යොමු වී තිබේ. මාතර පැවැති ‘සජිත් එනවා’රැළියේදී පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට ඇමැතිවරයා ප්‍රකාශ නිකුත් කර ඇති බව පක්ෂ නායකත්වයට පැමිණිලි ලැබී ඇත.

තවද ඇමැතිවරුන් වන තලතා අතු කෝරාල, රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවට සාකච්ඡා කළ ද ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ නොකිරීම පිළිබඳ පක්ෂයේ නායකත්වය අවධානය යොමු වී තිබේ.

මේ අතර ඇමති සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු. කෝටි 120ක් සිය දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳ අගමැතිවරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස