නව ආණ්ඩුවේ බදු සහන සමග රාජ්‍ය පෞද්ගලික දෙ අංශයේම අතමිට සරුවෙයි! දැනටමත් රු. කෝටි 11 100කට වැඩි ඉතිරියක්!

December 29, 2019 at 10:01 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ලබාදුන් විවිධ බදු සහන හේතුවෙන් රාජ්‍ය, පෞද්ගලික අංශවල ආයතන හා ව්‍යාපාර සමාගම්වලට රුපියල් කෝටි 11,100ක මුදලක් ඉතිරි වී ඇතැයි රජය ගණන් බලා තිබේ.

බදු සහනවලින් වැඩිම ප්‍රතිලාභ ලබා ඇත්තේ රාජ්‍ය පෞද්ගලික බැංකු සහ මූල්‍ය සමාගම්ය. ඒ අයගේ අපේක්ෂිත වියදම්වලින් බදු සහන නිසා ඉතිරි වූ මුදල රුපියල් කෝටි 3900කි.

මේ හැර විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ටෙලිකොම් ආයතනය, ඖෂධ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතනද විශාල ලෙස මූල්‍ය ප්‍රතිලාභ ලැබීය.

මේ හැර පෞද්ගලික අංශයේ සමාගම් සියල්ලටද බදු අඩු කිරීමේ වාසිය ලැබී ඇති අතර ඒවා පිළිබඳ රජය දැනට ගණනය කිරීමක් සිදුකරමින් සිටින බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස