ජනාධිපතිවරණ කටේ එජාපය දෙකඩ වෙයි! දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය බිහිවෙයි!

September 19, 2019 at 2:13 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට විකල්පය දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය බව සඳහන් පෝස්ටර් කොළඹ නගරයේ ස්ථාන ගණනාවක අලවා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙම පෝස්ටර් කිනම් පාර්ශවයක් විසින් මෙම කටයුත්ත කළේ දැයි තොරතුරු නැත.

කෙසේ වුවද මේ දිනවල එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් බරපතළ මත ගැටුමක් ඇතිව තිබේ.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට පෙර දෙකඩ වන බව බෝහෝ දෙනා අදහස් පළ කරති.

අතර නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර “පුද්ගලික න්‍යාය පත්‍ර නැති රට ගැන හිතන අලි ඉන්න අලුත් පක්ෂයක්” යැයි සඳහන් පෝස්ටරයක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස