සජිත් ඡන්දේ එපා කියන්නේ රටේ කොරෝනා නිසා නෙමේ, යූඇන්පියේ කොරෝනා නිසා! – වසන්ත

March 17, 2020 at 1:02 pm | by emanisa.lk

මහ මැතිවරණයට වෙන් කරන මුදල් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට යොදාගන්නා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරන්නේ පක්ෂය තුළ මතුව ඇති අර්බුද විසඳා ගැනීමේ චේතනාවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසයි.

අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගියදා මාධ්‍ය හමුවේ සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ මහ මැතිවරණයට වියදම් වන මුදල් කොරෝනා වෛරසය මර්දනයට යොදාගත යුතු බවත් ජනතාවට නොමිලේ මුඛ ආවරණ ලබා දිය යුතු බවත්ය.

මෙමගින් මහ මැතිවරණය අවලංගු කරවා නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවා එහි බහුතර බලයෙන් මුදල් බලය අල්ලා ගෙන ජනාධිපතිවරයාගේ නිරෝධායන වැඩපිළිවෙළ කඩාකප්පල් කර ආණ්ඩුව අප්‍රසාදයට ලක්කිරීම විපක්ෂයේ අරමුණ බව විවිධ පාර්ශ්ව පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස