මැතිවරණය කල් ගියොත් නාම යෝජනා අහෝසි වන කතාව බොරුවක්! – මනෝහර ද සිල්වා

April 5, 2020 at 9:19 am | by emanisa.lk

පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක කාලයක් තුළ එය නැවත කැඳවීමට නොහැකි වුවහොත් දැනට කැඳවා තිබෙන නාම යෝජනා අහෝසි වන බවට පැතිර යන කට කතාවල කිසිදු නීතිමය සත්‍යතාවක් නැතැයි ජනාධිපතී නීතිඥ මනෝහර ද සිල්වා පවසයි.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධ නීති විශාරදයකු ද වෙයි.

අප්‍රේල් මස 25 වැනිදාට පැවැත්වීමට තිබූ මහ මැතිවරණය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මැතිවරණ කොමිසම දින නියමයක් නැතුව කල්දමා තිබේ.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වගන්තිය යටතේ නැවත මැතිවරණය පවත්වන දිනය දැනුම් දීමට ජනාධිපතිවරයාට බලය ඇති බවද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස