රට පුරා කොරෝනා ආසාදිතයන් 50 000ක්! අවදානම තේරුම් අරගෙන පරිස්සම් වන්න! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.. (video)

March 27, 2020 at 10:42 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරට තුළ 50,000 ක පමණ පිරිසක් සිටිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියා සිටියේ සංචරණය උපරිම වශයෙන් සීමා කර ඇති නිසා දැනට නිරෝධායන යෙදෙන පිරිස් 22,000ක පමණ පිරිස සමග සම්බන්ධතා පවත්වා ඇති පිරිස අනුව එම පිරිස උපරිමය 50,000 ක් පමණ වනු ඇති බවයි.

මෙම තත්වය ජනතාව නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කලහොත් අවදානම අඩු කරගෙන සාර්ථකත්වයට පත් විය හැකි බවත් ඔහු කියා සිටී.

දෙරණ රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදීය.

https://m.facebook.com/story.php?

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස