මම බුද්ධි අංශවලින් පඩි ගත්තා නම් සාක්ෂි සහිතව හෙළි කරනු! පණපිටින් ඉන්න මම ශැංග්‍රිලා බෝමබකාරයා කියන දත් දොස්තරගේ මොළේ කචල් වෙලා! – අබ්දුල් රාසික්

May 3, 2019 at 8:46 am | by admin

ජාතික තවුහිද් ජමාද් සහ සිලෝන් තවුහිද් ජමාත් යනු සංවිධාන එකක් නොව දෙකක් බවත් තමා බුද්ධි අංශවලින් වැටුප් ලබා ගෙන ඇත්නම් සාක්ෂි සහිතව හෙළි කරන ලෙසත් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඇමති රාජිත සේනාරත්නට අභියෝග කරයි. ශැංග්‍රිලා ප්‍රහාරයෙන් සහරාන් හෂීම් මියගොස් ඇති බව ආණ්ඩුව පවසන විට එම ප්‍රහාරයෙන් තමා මිය ගිය බව ඇමති රාජිත සේනාරත්න පවසන බවත් බොරදියේ මාළු බෑමට සූදානම් වන ඇමතිවරයාට එරෙහිව ඉදිරියේ දී නිතිමය පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

සිංහලයට නැඟූ කුරාණ පිටපත් ලබා දීමට මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, රවින්ද්‍ර සමරවීර පමණක් නොව රාජිත සේනාරත්න ද හමු වූ බව පැවසූ අබ්දුල් රාසික් එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයද ප්‍රදර්ශනය කළේය. මේ ආකාරයට ඡායාරූප ප්‍රදර්ශනය කරමින් දන්ත වෛද්‍යවරයකු වන ඇමතිවරයා කටයුතු කරන්නේ වයස්ගත වීම නිසා ඇති වූ රෝග තත්ත්වයක් නිසා ද නැත්නම් බොරදියේ මාළු බෑමට උත්සාහ කරන්නේ ද යන්න තමා නොදන්නා බව ඔහු පවසයි.

ඇමති රාජිත සේනාරත්න පසුගියදා ප්‍රකාශ කළේ අබ්දුල් රාසික් ඇතුළු 26 දෙනෙකු බුද්ධි අංශවලින් වැටුප් ලැබූ බවය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ එජාප මැති ඇමති හමුවක දී මෙම ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මත පැටවීමට රාජිත සේනාරත්න යෝජනා කළ බවත් එහදී පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීිවරයකු පමණක් ඊට එරෙහි වී ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *