ශාන්ත බණ්ඩාරගේ හදිසි ඉල්ලා අස්වීම දේශපාලන ගේමක්!

August 7, 2019 at 2:25 pm | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයත් සමග මනාප ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස තමන්ට හිමි වන මන්ත්‍රී ධුරයේ නැවත දිවුරුම් දීම සඳහාය.

පසුගිය මැතිවරණයට තරඟ කළ ද ශාන්ත බණ්ඩාරට පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වුවද ඔහු පරාජිත ලැයිස්තුවේ වැඩිම මනාප ලාභියා විය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ධුරයෙන් ඉවත් වී නැඟෙනහිර ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දුන් පසු ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දුන්නේය.

කෙසේ වුවද හිස්බුල්ලා නැවත ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වූ පසු සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය ද ශාන්ත බණ්ඩාර එය නැවත ලබා දීමට කැමති වූයේ නැත.

ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ලැයිස්තුවේ ඊළඟ මනාපලාභියා ලෙස දිවුරුම් නොදෙන්නේ නම් එම අවස්ථාව හිමි වන්නේ ලැයිස්තුවේ ඊළඟ මනාපලාභියා වන ඩී.බී. හේරත්ටය. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවකු වන අතර ගෝඨාභය රාජපක්ෂගේ ද ප්‍රබල ආධාරකරුවෙකි.

එවැනි පසුබිමක ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්වී ඇත්තේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරගේ බලපෑම අනුව ඩී.බී. හේරත්ට අදාළ පාර්ලිමේන්තු අසුන යාම වළක්වා ගැනීම සඳහා බව වාර්තා වෙයි.

අභාවප්‍රාප්ත සාලින්ද දිසානායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට ද පෙර ශ්‍රීලනිප නායකයන් එම මන්ත්‍රී ධුරය සඳහා පොරකෑම බොහෝ දෙනාගේ දැඩි පිළිකුළට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස