මේ පාර මහින්ද විතරක් නෙමේ ගෝඨාත් මැදමුලනේ ජනේලේ එල්ලනවා! – හිරුණිකා

October 11, 2019 at 5:33 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් කිරීමට ගැලූ ජන ගඟින් ගාලු මුවදොර පිටිය එකම හිස් ගොඩක් බවට පත්වූ බවත් මහින්ද රාජපක්ෂට සිය මල්ලිත් සමග මැදමුලන වලව්වේ ජනේලයේ එල්ලීමට සූදානම් වන ලෙස තමා මතක් කරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

රාජිත සේනාරත්න මේ රටේ සෞඛ්‍ය සේවය විශාල ලෙස දියුණු කළ ද ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමෙන් තහවුරු වන්නේ ඔහු දරුණු රෝගියකු බව යැයි ද ඇය සඳහන් කළාය.

කොළොන්නාවේ කුඩු තිප්පොළවල් පන්සිය ගණනක් සහ ගණිකා නිවාස පන්සිය ගණනක් පැවති බවත් සිය පියා මේ මහ අපරාධයට එරෙහි වූ නිසා දුමින්ද ලවා ගෝඨාභය සිය පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමූ බවත් ඒ පිළිබඳ මර්වින් සිල්වා මැතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්ලමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් හිරුණිකා හෙළිදරව් කළාය.

ගාලු මුවදොර පිටියේ පැවති සජිත් ප්‍රේමදාසගේ මංගල ජනරැලියට සහභාගී වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස