ගෝඨාගේ විතරක් නෙමේ ඉතිරි විසිදෙනාගෙත් පුරවැසිකම ඉවත් කරන්න ඕන! – අසාද් සාලි (video)

October 5, 2019 at 2:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග මෙරට පුරවැසිභාවය ලබා ගත් ඉතිරි විසි දෙනාගේ ද පුරවැසිකම අහෝසි කළ යුතු බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.

එපමණක් ගෝඨාභය රාජපක්ෂ පුරවැසිභාවය ලබාගැනීමට අදාළ ලිිපි ගොනුව අතුරුදන් වූයේ කෙසේ ද යන්න පිළිබඳ වෙනම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව සඳහන් කළ සාලි CCTV දර්ශන ද මේ සඳහා යොදාගත යුතු බව පෙන්වා දුන්නේය.

කෙසේ වුවද අදාළ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණේ ගෝඨාභය රාජපක්ෂගේ පමණක් නොව 2007 වසරට පෙර පුරවැසිභාවය ලබාගත් කිසිම පුද්ගලයකුගේ ලිපිගොනු මේ වන විට තම ආයතනය සතුව නොමැති බවය. එයට හේතුව 2008 වසරේ දී සිය ආයතනය වෙනත් ස්ථානයකට රැගෙන යාම සහ එයට පෙර ලිපිගොනු පරිගණකගත නොකිරීමය.

එජාප ජනාධිපති අපේක්ෂක ධුරය සජිත් ප්‍රේමදාසට ලැබීම සම්බන්ධව පසුගියදා අසාද් සාලි සුබ පැතුම් එකතු කර තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස