කොරෝනා බොරු කී පාක්ෂිකයාට දඬුවම් කළේ අවංකවම ද? එසේ නම් අනුරලට දඬුවම් කර හොරෙන් කුණු නොකන බව පෙන්වනු! – නාගානන්ද ජවිපෙ බිත්තියටම හේත්තු කරයි…

November 18, 2020 at 8:10 pm | by emanisa.lk

නාගානන්ද කොඩිතුවක්කු සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

ජවිපෙ වරදෙහි යෙදෙන, තම පාක්ෂිකයෙකුගේ පක්ෂයේ සාමාජිකයකුගේ අපේක්ෂකත්වය අහිමි කළ බව පක්ෂයේ දේශපාලන මණ්ඩලය ජනතාවට අද වාර්තා කර ඇත. මෙය සත්‍ය ප්‍රවෘත්තිය වන්නේ නම් එය අගය කළ යුතුය. එය එසේ නොවන්නේ නම් ජවිපෙ හා අනෙක් පක්ෂ දෙක අතර කිසිම වෙනසක් නැත.

පක්ෂය තුළ තව දුරටත් රැඳී සිටින පහත සඳහන් බරපතළ වැරදි කළ චුදිතයන්ට එරෙහිව ද ඔවුන්ට එරෙහිව එල්ලවී ඇත බරපතළ චෝදනා සම්බන්දව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් රටේ ජනතාව දැනුම්වත් කර තම පක්ෂය ප්‍රසිද්ධියේ හෝ හොරෙන් කුණු කන පක්ෂයක් නොවන බව රටට ජනතාවට තහවුරු කිරීම පක්ෂයේ ඉදිරිගමනට බෙහෙවින්ම උපකාරී වනු ඇත.

1. ජනතාවගේ පරම අධිකාරී බලයේ අංග පහක් වන්නේය. එහි පස්වන අංගය වන්නේ නිසි කලට නිදහස් හා සාධාරණ මැතිවරණ සහතික කිරීම සඳහා ජනතාවට ඇති අයිතියයි. එම අයිතිය කිසිසේත්ම ජනතාවගෙන් උදුරාගත නොහැකි බව 2017 සැප්තැම්බර් මස 08 වන ශ්‍රේෂ්ඨාඅධිකරණය විසින් තීන්දු කරන ලදී. ඉන් අනතුරුව එවකට නීතිපති වූ ජයන්ත ජයසුරියගේ වංක සහයෝගයෙන් එම අධිකරණ තීන්දුව කාණුවට පසෙකට විසිකර ඡන්දය කල් දැමීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ TNA සමග කුමන්ත්‍රණය කරන ලද අතර එම අවස්ථාවේ අනුර කුමාරගේ ද සහාය ඒ සඳහා අපේක්ෂා කරන ලදී. එම අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ජවිපෙ 6 දෙනාම රනිල්ට සහයෝගය දෙමින් ජනතාගේ චන්ද බලය උදුරා ගැනීමට ක්‍රියාකරන ලදී – චුදිතයෝ – අනුර කුමාර, විජිත හේරත්, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස සහ නිහාල් ගලප්පත්ති

2. ඡන්දය එසේ නීති විරෝධීව කල් දැමීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට වාසියක් කිරීමට නීතිපති ධුරය අවභාවිත කළ නීතිපති ජයන්ත ජයසුරියට එරෙහිව දුෂණ චෝදනා මත මහජන අයිතිය ක්‍රියාත්මක කරමින් නාගානන්ද විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන ලදී. එම නඩුව අධිකරණය හමුවේ තිබියදී ජනාධිපතිවරයා විසින් නීතිපති ජයන්ත ජයසුරියගේ නම අග විනිසුරු ධුරය සඳහා ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කරන ලද අවස්ථාවේ ජවිපෙ පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයා එම පත්වීම නිර්දේශ කළේය – චුදිත, බිමල් රත්නායක

3. පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පතක් සෘජුවම ජනතාවට ඉදිරිපත් කර සම්මත කිරීම සඳහා ව්‍යවස්ථාවේ 85 (2) ව්‍යවස්ථාවෙන් ජනතාව වෙත නීතියෙන් පවරන ලද බලය රනිල් වික්‍රමසිංහ සැනසීමට TNA හා එක්ව ව්‍යස්ථාවෙන් ඉවත් කිරීම – චුදිතයෝ – අනුර කුමාර, විජිත හේරත්, බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස සහ නිහාල් ගලප්පත්ති

4. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පුත්‍රයකු වූ නාමල් රාජපක්ෂ රේසින් කාර් 19 ක් රේගු බදු වංචා කර රටට ගෙන්වා ඇති බවට සම්පුර්ණ සාවද්‍ය ප්‍රකාශයක් කරමින් ජනතාව රැවටීම – චුදිත අනුර කුමාර දිසානායක

5. එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය ඡන්දයකට ඉදිරිපත්වී ජය ගැනීමට නුපුළුවන් බර රටම දනියි. එහෙයින් ඔහුට ජනාධිපති වරයා සතු බලතල පැවරීමට ජවිපෙ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වන ව්‍යවස්ථා සංශෝධනය නමින් සංශෝදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම සංශෝධනය මහජන අයිතිය ක්‍රියාත්මක කරමින් නාගානන්ද විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කරන ලදී. එම අවස්ථාවේදී එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල මන්ත්‍රීවරයා විසින්ම ජනාධිපති බලතල අගමැතිට පැවරීමට තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී ජනතාව විසින් සම්මත කිරීම අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ 2/3 ක් විශේෂ බහුතරයකින් සම්මත කල හැකි බවටත් ආයාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් මගින් ආයාචනය කරන ලද අතර, ජවිපෙ ක්‍රියාකාරී නීතිඥයකු විසින් ජවිපෙ විසින් ඉදිරිපත් කරන ලද එම 20 වන ව්‍යවස්ථා සංශෝධනය සාධාරණය කරමින් අධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කරන ලදී. ඒ සම්බන්ධ පැවති නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජවිපෙ විසින් ඉදිරිපත් කරන ලද එම 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී බවට තීරණය කර ප්‍රතික්ෂේප කරන ලදී – පෙත්සම හා දිවුරුම් පෙත්සම ඉදිරිපත් කළ චුදිතයින් – සුනිල් වටගල හා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

6. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට රජයේ බදු වංචා කිරීමට වාහන පර්මිට් නිකුත් කිරීමට රටේ නීතියක් නැත (අයබදු විශේෂ විධිවිධාන පනත 4ඇ වගන්තිය සහ රේගු ආඥා පනත 19අ වගන්තිය. යම් දේපලක් බද්දෙන් තොරව ආනයනය කළ හැක්කේ එවැනි දේපලක් ආනයනය කිරීම රටේ ආර්ථික අභිවෘද්ධියට ප්‍රයෝජනවත් වන්නේ නම් පමණි. එවැනි දේපලක් යමකුට බද්දෙන් තොරව ආනයනය කිරීමට රජය අවසර දී අවස්ථාවක එම දේපළ විකුණා බැහැර කිරීමට යමකු අදහස් කරන්නේ නම් ඊට ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් අවසර ගෙන එම දේපළ ආනයනය කරන ලද අවස්ථාවේ රජය අත්හරින ලද බද්ද රජය විසින් ගණනය කිරීමෙන් අනතුරුව ගෙවිය යුතුය. ජවිපෙ මන්ත්‍රීන් විසින් ගෙන්න ලද වාහන වෙළඳ පොලේ විකුනන ලද්දේ එවැනි කිසිදු අවසරයක් ලබාගන රජයට ගෙවිය යුතු බද්ද ගෙවීමෙන් අනතුරුව නොවේ. එම මන්ත්‍රීන් වාහන විකුණා ලාභය වශයෙන් අත්කරගත් රජයේ බදු මුදල් පක්ෂයේ අරමුදලට බැර කරන ලදී. මෙම තොරතුරු පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත භාරදෙන ලද ගිණුම් වාර්තා වල ඇතුලත් වී තිබිණ. පොහොට්ටුව, එජාපය හා ජවිපෙ විසින් මැතිවරණ කොමිසම වෙත භාරදෙන ලද ගිණුම් වාර්තාවල සහතික පිටපත් ලබාගන ඒවායේ බරපතළ ඇත්නම් මහජන අයිතිය බලගන්වමින් එම තොරතුරු රටට හෙළිකිරීමට නාගානන්ද විසින් පියවර ගන්නා ලද අවස්ථාවේ ජවිපෙ ලේකම් පමණක් එම තොරතුරු නාගානන්ද වෙත නිකුත්කිරීමට එරෙහිව දැඩි විරෝධය පාන ලදී. එම පියවර ගැනීමට ඔහු ක්‍රියා කරන ලද්දේ රජයේ බදු මුදල් අවභාවිත කිරීම පිලිබඳ තොරතුරු ජනතාවට හෙළි කිරීමට වැළැක්වීම සඳහාය – චුදිත, ටිල්වින් සිල්වා

7. පසුගිය ජනාධිපති මැතිවරණයේදී පොහොට්ටුවෙන් අපේක්ෂකයෝ දෙදෙනෙක් (චමල් රාජපක්ෂ සහ ඝෝඨාභය රාජපක්ෂ) ඇප තැන්පත් කළේය. ජනාධිපති මැතිවරණයට ද්විත්ව පුරවැසියකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර (91(4)(xiii) ඉදිරිපත් විය නොහැකි අතර එවැනි පුද්ගලයකු බවට චෝදනා එල්ල වූ අයකුගේ සුදුසුකම් පරික්ෂා කර ඔහු මැතිවරණයට නාමයෝජනා ලබා දීමට සුදුසුකම් සපුරා ඇති බව මැතිවරණ කොමිසම සැහීමකට පත්විය යුතුයි. ද්විත්ව පුරවැසියකු වූ අපේක්ෂක ඝෝඨාභය රාජපක්ෂ තම ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතිකයක් නාමයෝජනා භාරදෙන අවස්ථාවේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අතර ඔහු ඊට ප්‍රථම අලි සබ්රි සමග මහින්ද දේශප්‍රිය හමුවේ දිවුරුම් පෙත්සමක් හා ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබිණ. එම අවස්ථාවේ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ වගකීම මහින්ද දේශප්‍රිය විසින් චේතනාන්විතව පැහැර හරින අවස්ථාවේ ඔහු සමග මැතිවරණයට තරඟ කළ අනෙක් අපේක්ෂකයින් 34 දෙනාගෙන් කිසිවකු ඒ සම්බන්ධව ප්‍රශ්න කරනු ඇතැයි රට්ටු අපේක්ෂා කළේය. නමුත් එම අවස්ථාවේ අපේක්ෂාවේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාද තම වගකීම පැහැර හරිමින් රටම පාවාදෙන ලද අතර සුදුසුකම් සපුරා නොතිබූ පොහොට්ටු අපේක්ෂකයාට බාධාවකින් තොරව නාමයෝජනා භාරදීමට ඉඩ සලසන ලද අතර ඒ සමගම පොහොට්ටුවේ අපේක්ෂක චමල් රාජපක්ෂ නාමයෝජනා භාරදීමෙන් වැළකි සිටින ලදී – චුදිත අනුර කුමාර දිසානායක

8. මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 25 ක් මුදලින් ලබාගත් බවට මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් ජවිපෙ නායකයාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කරන ලද අතර පසුව මාධ්‍ය හමුවේ පැවති සාකච්ඡාවකදී එම චෝදනාව සත්‍ය බවත් එවැනි මුදලක් තමන් භාරගත් බවත් ජවිපෙ නායකයා විසින් ප්‍රසිද්ධියේ පිළිගනු ලැබීය. නමුත් එසේ භාරගත් මුදල් පක්ෂයේ ගිණුමට බැර කිරීම පිළිබඳ කිසිම සාක්ෂියක් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයා අපොහොසත් විය – චුදිත අනුර කුමාර දිසානායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස