කොරෝනා පාලනය කළේ ආණ්ඩුව නෙමෙයි මැතිවරණ කොමිසම! 19 වෙනි සංශෝධනයෙන් කොමිසම් සභා ගෙනා යහපාලනයට ස්තූතියි! – ජවිපෙ

June 13, 2020 at 11:26 am | by emanisa.lk

මේ රට කොරෝනා උවදුරින් බේරා ගත්තේ ආණ්ඩුව නොව මැතිවරණය කල්දැමූ මැතිවරණ කොමිසම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ආණ්ඩුවට උවමනා වූයේ කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට මිස කොරෝනා වසංගතය පාලනය කිරීමට නොවන බව ද ජවිපෙ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී. ලාල්කාන්ත මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

මැතිවරණ කොමිසම මැතිවරණ පැවැත්වීම නතර නොකළේ නම් අද වන විට එය සමාජයේ පැතිර ගොස් අවසාන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

පැවැති යහපාලන ආණ්ඩුවට කොතරම් විචේචන තිබුණ ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව රැකගැනිමට කටයුතු කරන බව ද එමගින් ඇති කළ ස්වාධින කොමිෂන් සභා හේතුවෙන් ජනතාවට වාසි රැසක් හිමිව ඇති බව ලාල් කාන්න වැඩි දුරටත් පවසයි.

මහනුවර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කේ.ඩී. ලාල්කාන්ත මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස