මගේ සහායත් ජවිපෙ අනුර දිසානායකටයි! එකතු කළ සල්ලි ව්‍යවස්ථාව හදන්න ගියා! – නාගානන්ද

October 7, 2019 at 5:35 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට සහය පළකිරීමට තීරණය කර තිබේ.

නාගනන්ද කොඩිතුවක්කු ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමක් සිදු නොකළ අතර ඔහු ප්‍රකාශ කර තිබුණේ ඒ සඳහා තමන්ට පක්ෂයක් සොයා ගැනීමට නොහැකිවූ බවය.

මේ අතර ඔහු අද රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළට ගොස් මාධ්‍ය අමතා ඒ ගැන පැහැදිලි කිරීම සිදු කර ඇති අතර එහිදී ඔහු ජනාධිපති අපේකෂක මහේෂ් සේනානායකට සිය විරෝධය පළ කළ බවත්, සිය සහය ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට ලබා දෙන බවත් ප්‍රකාශ කරයි.

එසේම නාගානන්ද කොඩිතුවක්කු ජනපතිවරණයට ඉදිරිපත්වන බව සදහන් කිරීමෙන් පසු ඔහුගේ අදහස් හා එකගවී විශාල පිරිසක් ඔහු වටා ඒකරාශී වූ අතර තම ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ඔහු අරමුදල් රැස්කිරීමක්ද සිදුකළේය.

ඒ අනුව විවිධ පිරිස් ඔහුගේ ගිණුම් වෙත මුදල් බැර කර තිබූ අතර ඔහු ජනපතිවරණයට ඉදිරිපත් නොවීම නිසා එම මුදල් නැවත ඉල්ලමින් සමාජ මාධ්‍ය හරහා විරෝධතාවක්ද මතුව තිබේ. එලෙස ලැබුණු මුදල් නව ව්‍යවස්ථාවක් තැනීමට වියදම් වූ බව ඔහු පවසා ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස