කොරෝනා මර්දනය වුණේ නිදහස් සෞඛ්‍ය නිසයි! එතකොට ගෝඨා ජනපති…! ජවිපෙ හඳුන්නෙත්තිගේ කුහක කතාවට ගම්මන්පිලගෙන් දැඩි ප්‍රහාරයක්… (video)

June 30, 2020 at 12:42 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් සාර්ථකත්වයක් ලබා ගැනීමේදී ආණ්ඩුව යම් කාර්ය භාරයක් කර ඇති බව තමන් පිළිගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ඇති නිදහස් සෞඛ්‍ය සේවය නොවන්නට මෙරට මේ ආකාරයෙන් ගොඩ ඒමට නොහැකි බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ හිරු රූපවාහිනියේ පැවති බලය වැඩසටහනේදී අදහස් පළ කරමිනි.

කෙසේ නමුත් එම අදහසට දැඩිව විරෝධය පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පෙන්වා දුන්නේ නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන කියුබාව, එංගලන්තය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් ද කොරෝනා මර්දනය අසාර්ථක වී ඇති බවයි.

එනිසා නිදහස් සෞඛ්‍ය සේවය නිසා කොරෝනා සුව වූ බව පැවසීම එය මර්දනය කිරීමෙහිලා නායකත්වය දුන් ජනාධිපතිවරයාගේ කාර්යභාරය අවප්‍රමාණ කිරීමක් බවත් ගම්මන්පිල අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස