කොරෝනා නිසා ඡන්ද එපා කී අනුර මාස්ක් නැතිව ඡන්දපොළට!

August 5, 2020 at 2:10 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) උදෑසන සිය පාක්ෂිකයන් පිරිසක් සමග ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ තිබේ.

මැතිවරණ කොමිසම දුන් උපදෙස් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මුව ආවරණ පැළඳ ඡන්දපොළට පැමිණිය ද අනුර දිසානායක මුව ආවරණ නොමැතිව පැමිණි තිබිණි.

එය සමාජමාධ්‍යවල දැඩි විවේචනයට ලක්වෙමින් ඇත. පසුගිය සමයේ කොරෝනා වසංගතය නිසා මැතිවරණ නොපැවැත්වය යුතු බවත් පරණ පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් පවසමින් ජවිපෙ දැඩි හඬක් නැඟුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *