කම්කරු වැටුප රු. 1000 නොකරන වතු ආණ්ඩුවට!

January 16, 2020 at 10:54 am | by emanisa.lk

එළඹෙන මාර්තු 01 වන දා සිට වතු කම්කරු වැටුප රු. 1000 දක්වා වැඩි නොකරන තේ වතු රජයට පවරා ගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.

වතු කම්කරු වැටුප රු. 1000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවට ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් පොරොන්දු විය.

ඇතැම් වතු සමාගම් මෙම තීරණය ක්‍රියාත්මක නොකර සිටීමට විකල්ප සොයන පසුබිමක ආණ්ඩුව මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස